(සහල් බලකරණ ව්‍යාපෘතිය (Rice Fortification Project)

News

(සහල් බලකරණ ව්‍යාපෘතිය (Rice Fortification Project)

ලෝක ආහාර සංවිධානයේ මූල්‍ය අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශනය මත හා අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වය යටතේ ක්‍රියාත්මක කරනු ලබන උක්ත නියමු ව්‍යාපෘතියේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයට අදාලව පාසල් 16 ක් සඳහා වර්ෂයක් පුරා සිසුන් 16,010 කට යකඩ සහ ෆෝලික් අම්ලය මඟින් සබලකරණ ලද සහල් වලින් සකස් කරන ලද දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන 2019.04.01 දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධවන පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික වැඩසටහන ගරු කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 30 වනදා පෙ.ව.08.30 සිට ප.ව.12.30 දක්වා අනුරාධපුර හෙරිටේජ් හෝටලයේදි පැවැත්වේ.)

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් 2019/03/22 වන දින සිදු කරනු ලැබු ධර්ම දේශනාව

News

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් 2019/03/22 වන දින සිදු කරනු ලැබු ධර්ම දේශනාව

ආයතනයේ  සභාපතිතුමා උප සභාපතිතුමා  ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් 2019/03/22 වන දින සිදු කරනු ලැබු ධර්ම දේශනාව.