සෞඛ්‍යාරක්ෂක කෑමවේලක් අතේ ඇති මුදලට ලබාගැනීමට අවස්ථාවක් ලබාදීම

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් ආහාර සුරක්ෂිතතාවය, පෝෂණ සුරක්ෂිතතාවය, ආහාර ආරක්ෂණය සහ ආහාර පුරුදු වෙනස්කිරීම අරමුණුකරගනිමින් මෙම වැඩසටහන ආරම්භකර ඇත. මෙහිදී මෙම ආයතනය පුද්ගලික ව්‍යවසායකයින් සමග සමිබන්ධවී රාජ්‍ය පෞද්ගලික සහභාගිත්ව ප්‍රෙව්ශයක් වශයෙන් (PPP) මෙම ආහාර ප්‍රවර්ධන වැඩසටහන ඇලසුම්කෙරින.

අප පුරුදුවී සිටින ආහාර රටාවෙන් බැහැරව යහපත් ආහාර රටාවක් කරා යොමුකරවීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමේ ආරම්භයක් වශයෙන් මෙම වැඩසටහන දියත් කෙරේ. බත් කෝප්පයක් එලවලු වර්ග දෙකක් පලාවක්, පරිප්පු හෝ මුං ඇට, සමග බිත්තරයක් එක් ආහාර වේලකට අඩංගු වේ. පිෂඨය අධික ආහාර මෙන්ම ප්‍රෝටීන් අඩු ආහාර වේලක් වෙනුවට මෙම සෞඛ්‍යාරක්ෂක ආහාරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ගෝපදේශයන්ට ද අනුකූලව සකස්කර ඇත. මෙහිදී ආහාර ආරක්ෂණය සැලකිල්ලටගනිමින් ලන්ච් ශීට්ස් වෙනුවට කෙසෙල් කොලයක් අතුරනලද පිඟානක මෙම ආහාරය පිළිගැන්වේ.

මෙම ආපනශාලාව” පැලැස්ස “වශයෙන් හැඳින්වෙන අතර ආහාරවේල “සුගුණ සප්පායම” වශයෙන් නම්කෙරේ. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය අපේක්ෂා කරනුයේ මෙම ආපනශාලාව දර්ශීය ආපනශාලාවක් වශයෙන් අනෙකුත් රජයේ සහ පෞද්ගලික අංශයන්හි ආපනශාලාවන්ටද හඳුන්වාදීම වේ.