සෞඛ්‍යසම්පන්න ආහාර වේල ප්‍රවර්ධනය කිරීම.
ජනතාව අතරට සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ප්‍රවර්ධනය කිරීමේ දෙවන අදියර ලෙස “සුගුණ සප්පායම” Torrington, Good Market - Saturday special වශයෙන් ආරම්භකරනලදී. කොළඹ විශ්වවිද්‍යාලය කෘෂිතාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ සිසුන් කණ්ඩායමක් විසින් මෙම අලෙවි කුටිය ආරම්භකර 2025 මැයි 03 දින සිට 2025 ජූලි 05 දක්වා සෑම සෙනසුරාදා දිනකදීම පවත්වන ලදී. එය කොළඹ නගරයේ ජනතාවගේ ප්‍රතිචාර පිළිබඳව අවබෝධයක් ලබාගැනීම පිනිස ආරම්භකරනලද ශක්‍යතා අධ්‍යයනයක් විය. එහිදී රැස්කරගත් තොරතුරු සහ දත්තයන් පාදක කරගනිමින් කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රධාන කාර්යාලයේ “සුගුණ සප්පායම” සඳහා පුද්ගලික අංශයේ දායකත්වය යටතේ 2025 සැප්තැම්බර් පළමු සතියේ ආරම්භ කිරීමට කටයුතු සූදානම්කර ඇත.






