National Food Promotion Board     |     ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය     |    தேசிய உணவூ ஊக்குவிப்புச் சபை

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය

ආර්ථික ස්වාධීනත්වයෙන් යුත් ජාතියක් ගොඩනැගීම උදෙසා

1973 අංක 15 දරණ ශ්‍රී ලංකා පනත මගින් සම්මත වූ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය නොහොත් NFPB යන කෙටි නාමයෙන් ප්‍රචලිත අප දේශීය කෘෂි ආර්ථිකයක් හරහා කෘෂිකාර්මික කටයුතු වල තිරසාර සංවර්ධනයක් අත්කරගැනීමේ සංකල්පයට ප්‍රමුකත්වය ලබා දීමෙන් විෂ සහිත ද්‍රව්‍ය අඩංගු නොවන සම්ප්‍රදායික සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙහෙයුම් සිදු කරයි.

ආහාර ප්‍රවර්ධනය

විකුණුම් මධ්‍යස්ථාන පිහිටුවිම

ගොවිපල සංවර්ධනය කිරීම

නියමු ව්යාපෘති මෙහෙයවීම

අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයට අනුව ගරු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගේ අනුදැනුම යටතේ යැපුම් මානසිකත්වයෙන් තොරව ආර්ථික වශයෙන් ස්වාධීන ජාතියක් ස්ථාපිත කිරීමේ අරමුණ සාක්ෂාත් කරගනු පිණිස හරිත විප්ලවයක් හරහා තිරසාර සංවර්ධනයක් ඇති කර ගැනීම පිණිස 1973 අංක 15 දරණ පනත යටතේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ස්ථාපිත කරනු ලැබීය.

NFPB මගින් දේශීය ගොවීන් දිරිමත් කර ඔවුන්ට ස්වදේශිය සහ සාම්ප්‍රදායික වී ප්‍රභේද හඳුන්වා දෙන අතර එමගින් මවුපෝෂ, සුවපෝෂ, විශේෂ සහල් පිටි මිශ්‍රණය, විශේෂ තොසේ පිටි මිශ්‍රණය යන ආහාර ද්‍රව්‍යන් වෙළෙඳපොළ ට හදුන්වා දී ඇත.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ කුටියේ ඉහළ මහල කුලියට දීම .

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ කුටියේ ඉහළ මහල කුලියට ගැනීමට ටෙන්ඩර් කැඳවනු ලැබේ

 

අපගේ නවතම පුවත්

අපගේ පෝෂ්‍යදායි ආහාර නිෂ්පාදන

සනීපාරක්ෂක සහ පෝෂණය ආහාර නිෂ්පාදනයන්ගෙන් නිරෝගිමත් දැයක් බිහිකිරීම

අතීතයේදී, පෙරදිග ධාන්‍යාගාරය ලෙස ප්‍රචලිත වූ ශ්‍රී ලංකාව අද වනවිට සෞඛ්‍ය සම්පන්න නොවන ආහාරයන් පරිභෝජනය කිරීමේ දැඩි ප්‍රවණතාවයක් ඇත. සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීමේ මූලික ඉලක්කය සහිතව මගින් ධාන්‍යමය නිෂ්පාදන පෙළක් වෙළදපොලට හදුන්වා දී ඇත.

මවුපෝෂ

විටමින් සහ සියලු අත්‍යාවශය ඛනිජ අඩංගු වන '' Mauposha '' ඉරිඟු, සහල් සහ සෝයා බෝංචි වලින් සකසා ඇති අතර. මෙය ගර්භනී මවුවරුන් වෙනුවෙන් විශේෂිතව නිෂ්පාදිත ආහාරයකි.

සුවපෝෂ

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සහ ළමුන් අතර පවතින මන්දපෝෂණය මුලිනුපුටා දැමීම සඳහා මුං ඇට, සෝයා බෝංචි සහ සහල් වලින් සාදන ලද පෝෂණ අතිරේකය.

විශේෂ සහල් පිටි මිශ්‍රණය

විශේෂ සහල් පිටි මිශ්‍රණය අඩු බරිත ගර්භණී කාන්තාවන් හා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදිත පෝෂණීය ආහාර අතිරේකයකි.

විශේෂ තොසේ පිටි මිශ්‍රණය

වතු කම්කරු නිවාස සමුපකාර සමිති හරහා බෙදා හරින ලද විශේෂිත තොසේ පිටි මිශ්‍රණය වතු අංශයන්හි ජීවත්වන සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කෙරේ.

අපගේ විවිධ ව්‍යාපෘති

ශක්තිමත් ජාතියක් බිහි කිරීම උදෙසා අපගේ ක්‍රියාමාර්ගයන්

පෝෂදායි දේශීය ආහාර ද්‍රව්‍ය වලින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් බල ගැන්වීමේ වගකිවයුතු ආයතනයක් ලෙස NFPB දිවයින පුරා විවිධ ව්‍යාපෘති ප්‍රවර්ධනය කරයි.
"අපි වවලයි අපි කන්නෙ"

තිරසාර ප්‍රවේශයක් තුළින් ආර්ථික නිදහස ලගා කරගැනීම

තිරසාර සංවර්ධන අරමුණු ඔස්සේ යැපුම් සංස්කෘතිය තුරන් කිරීම තුළින් ආර්ථික වශයෙන් ස්වාධීන රාජ්ජයක් ගොඩ නැගීමේ අපගේ ගමනේ දී, අපි 2018 දී NFPB හි තවත් එක් සංදිස්ථානයක් ලෙස අපගේ නව ව්‍යාපෘතියක් වන "අපි වවලයි අපි කන්නෙ" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සකසා ඇත.

පෝෂ ගුණයෙන් සපිරි ශ්‍රී ලාංකීය ආහාර කලාව

වසර 25 ක

අඛන්ඩ ගමනක්

අපේ සේවාවන් දැන ගන්න

අපගේ විශේෂිතතාවයන්

ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම

කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීමෙහිලා විදේශ නියෝජිතත්වය උනන්දු කිරීම.

ප්‍රගිතිශීලි ක්‍රමෝපායන්

දේශීය ආහාර භාවිතය සහ නිෂ්පාදනය ප්‍රවර්දනය කිරීම තුලින් පසු අස්වනු හානිය අවම කිරීමේ තාක්ෂණය බිම් මට්ටම තෙක් රැගෙන යාම.

රැකියා අවස්ථාවන් ලබාදීම

ගැමි ජනතාවට ආර්ථික සහ සමාජ වර්ධනයට සහයෝගී වීම සඳහා අවස්ථාව ලබා දීම.

නිරෝගිමත් දැයක් ගොඩ නැගීම

දේශීය ගොවීන්ගෙන් මිලදී ගත් පෝෂ්යදායී ආහාර නිෂ්පාදන හරහා නිරෝගිමත් ජාතියක් ශක්තිමත් කිරීම සහ ගර්භනී කාන්තාවන් හා ළමුන් අතර පවතින ඌන පෝෂණ තත්වය අවම කිරීම.