National Food Promotion Board     |     ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය     |    தேசிய உணவூ ஊக்குவிப்புச் சபை

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොළඹ කොටුව පිහිටි ප්‍රධාන කාර්යාලයේදී 2025/09/22 දින සෞඛ්‍යසම්පන්න ආහාරවේලක් ලබාදීම සඳහා ආපන ශාලාවක් ආරම්භකර ඇත. මෙහිදී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් පෝෂ්‍යදායී ආහාර රටාවක් සඳහා ජනතාව පෙලගැස්වීමේ ප්‍රයත්නය යථාර්ථයක් කිරීමේ එක්
අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය.

මෙම ආරම්භය සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් අධ්‍යක්ෂ, ආචාර්ය රොහාන් කරවිට මහතාද සහකාර අධ්‍යක්ෂ සංවර්ධන, ඉශාන් අබේසිංහ මහතාද සහකාර අධ්‍යක්ෂ පරිපාලන ශ්‍යාමා ගුණවර්ධන මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සහභාගි වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙනුවෙන් ප්‍රධාන විධායක නිළධාරී ඉමන්ත විජේකෝන් මහතාද සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතාද සහභාගි විනි.