National Food Promotion Board     |     ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය     |    தேசிய உணவூ ஊக்குவிப்புச் சபை

ජාතික ආහාර ප්‍රවර්ධන මන්ඩලය යටතේ මේ වනවිට පර්යේෂණ ව්‍යාපෘතීන්හි යෙදෙන කොළඹ විශ්වවිද්‍යාලය කෘෂිතාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ සිසුන් අතුරින් නිසල් මෙනුක හේවාසුර සිසුවා නව නිර්මාණයක් සිදුකර ඇත. ඔවුන්ගේ උපාධි පාඨමාලාවෙහි අවසන් වසර තුල සම්පූර්ණ කිරීමට යෝජිත පර්යේෂණය ව්‍යාපෘතිය වෙනුවෙන් අප අයෙතනයේ උපදෙස් පරිදි මෙම නිමැවුම සිදුකර ඇත.


දර අඟුරු යොදාගනිමින් අතින් ක්‍රියාකරවන යන්ත්‍රයක් වන මෙය නිර්මාණය කිරීම සඳහා රු. 50,000 ක් පමණ වැයවන අතර නිෂ්පාදන ධාරිතාවය පැයකට දවටන 150 පමණ වේ. මෙම යන්ත්‍රය නුදුරු අනාගතයේදී ජනතාව වෙත එළිදැක්වීමට අපේක්ෂා කරමු.