පරිසර හිතකාමී ආහාර ඇසුරුම්
අපි බොහෝවිට ආහාර කර්මාන්තයේදී ලන්ච් ශීට්ස් වෙනුවට කෙසෙල් කොල භාවිතා කරමු. එහෙත් කෙසෙල් කොල පමණක්ම නොව ලංකාවට ආවේනික වූ දියපර කොලද ඉතාමත්ම සාර්ථකව යොදාගත හැකිය. ඒවා ආයුර්වේදයේ භාවිතාවන ශාඛ විශේෂයකි. Dillenia triquetra යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන අතර එය Dilleniaceae කුලයට අයත්ය. පත්‍රවලින් ලබාගන්නා යුෂයෙහි ක්ෂුද්‍රජීවීනාශක ගුණය මෙන්ම ප්‍රතිඔක්සිකාරක ද අඩංගුවේ. තෙත් බිම් ආශ්‍රිතව වැවෙන මෙම ශාඛය අධිවේගී මාර්ගය දෙපස මෙන්ම ඇල දොල ආශ්‍රිතව විශාල
වශයෙන් වැවී ඇත. මෙම පත්‍ර භාවිතාකර ආහාර ඇසුරුම් සකස්කර ඇති ආකාරය පහතින් දැක්වේ. මෙහිදී දියපර කොල මෙන්ම කෙසෙල් කොල යනවර්ග දෙකම යොදාගෙන ඇත. දියපර කොල පදම්කිරීමක් නොකර ඒ ආකාරයෙන්ම භාවිතාකලහැකිය.








