පොලිතීන් දවටන හෙවත් ලන්ච් ශීට්ස් වෙනුවට ආහාර කර්මාන්තය සඳහා ජෛව දවටන හඳුන්වා දීම.
මේ වනවිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ පවත්නා දෙහිවල පිහිටි අලෙවි සැලෙහි දී ආහාර දවටන ලෙස ජෛව දවටන නිෂ්පාදනයකර ප්‍රචලිත කිරීම සිදුකෙරේ. ඒ සදහා ස්ථාපිතකර ඇති විදුලි බලයෙන් ක්‍රියාකරවන යන්ත්‍රයක් මගින් කෙසෙල් කොල යොදාගන්මින් ආහාර දවටන සකස්කෙරේ. මෙම යන්ත්‍රය මගින් පැයකට දවටන 150 පමණ අවම වශයෙන් සකස්කල හැකි වේ. එක් දවටනයක අලෙවි මිල රුපියල් 10 පමණ වනු ඇත. ඔබ අමු කෙසෙල් පත්‍ර අප ආයතනයට සපයන්නේ නම් අඩි 2 ක් දිග කෙසෙල් පත්‍ර කැබැල්ලක් රුපියල් 4 බැගින් ගෙවා මිලදී ගැනීමට සූදානම්ව සිටිමු.
මේ සදහා ඉදිරිපත්වන ඕනෑම අයෙකුට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා සම්බන්ධ වී එවන් යන්ත්‍රයක් සාදවාගැනීමට හෝ එම යන්ත්‍රය අනුව තමාට හැකිනම් යන්ත්‍රයක් නිපදවාගෙන හෝ මෙම කාර්යයට සම්බන්ධවීමට හැකියාව ඇත. මීට අමතරව අවශ්‍ය වේනම් මෙම යන්ත්‍රය තමාටම භාවිතාකර කෙසෙල් පත්‍ර පදම්කරගැනීම සිදුකර විදුලිය සඳහා වැයවන කුලිය ආයතනයට ගෙවා යන්ත්‍රය භාවිතා කලහැකිය. මේ සඳහා අවශ්‍ය වැඩිදුර තොරතුරු ආයතනයෙන් විමසා දැන/තහැකිය.






